Tue05212013

Last update09:35:43 PM GMT

sd sd

නීතිපතිනිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වෙයි

  • පී.ඩී.එෆ් (PDF)
altනීතිපතිනි ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස ඉකුත් 05 වැනි දා අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා ය. 
 
ඊවා වනසුන්දර 2011 සැප්තැම්බර් මස මෙරට 26 වැනි නීතිපතිනිය ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී.
 
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය ලැබූ ඊවා වනසුන්දර 1977 වසරේ දී නීතීඥ වෘත්තියට පිවිස 1979 දී රජයේ අධිනීතිඥවරියක ලෙස පත් වූවා ය.
 
සොලිසිටර් ජනරාල් තනතුරට කාන්තා නියෝජනය එක් කරමින් ඊවා වනසුන්දර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරු ද හොබවා තිබේ.
 
ශී‍්‍ර ලංකාවේ නීතිපතිධුරයට පත් ප‍්‍රථම කාන්තාව වන්නේ ද ඊවා වනසුන්දරයි. 
Share/Save/Bookmark