Thu06202013

Last update01:05:04 AM GMT

sd sd

විදුලි සේවාවේ අවම ප්‍රමිතිය තීරණයට පියවර

  • පී.ඩී.එෆ් (PDF)

altවිදුලි පාරිභෝගිකයින් මුහුණ දෙන විවිධාකාරයේ ගැටළු හඳුනා ගැනීමෙන් අනතුරුව විදුලිබල සේවා සැපයුමේ දී සහතික කළ යුතු අවම ප්‍රමිතිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගනී.

 
නිකුත් කර ඇති බලපත්‍ර කොන්දේසි අනුව ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් සිය  සැපයුම් සේවා සංග්‍රහය සකස් කර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සහිත ව ක්‍රියාවට නැංවිය යුතු වේ.
 
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ වනවිට දළ සේවා සැපයුම් සංග්‍රහයක් සකස් කර ඇති අතර එය කොමිෂන් සභාව අධ්‍යයනය කරමින් සිටින බව ද අමාතයාංශය නිවේදනය කරයි.
 
කොමිෂන් සභාවෙහි අනුමැතිය ලැබීමෙන් අනතුරුව ලංකා විදුලිබල මණ්ඩලයට හා ලංකා විදුලි පෞද්ගලික සමාගමට සැපයුම් සේවා සංග්‍රහය ක්‍රියාවට නැංවීමට හැකි වේ.
 
Share/Save/Bookmark