ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි කර්තෘවරයෙකු වූ වැලිවිටියේ ශ්‍රී සෝරත නායක ස්වාමීන් වහන්සේගේ 49 වැනි ගුණානුස්මරණ උළෙල ලබන 17 වැනි දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී පැවැත් වේ.විද්‍යෝදය පිරිවෙන, විද්‍යෝදය විශ්වවිද්‍යාලය වශයෙන් නම් කිරීමත් සමඟ එහි ප්‍රථම උපකුලපති වශයෙන් කටයුතු කිරීමෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉමහත් සේවාවක් ඉටු කළ වැලිවිටියේ ශ්‍රී සෝරත නායක ස්වාමින් වහන්සේ අනුස්මරණය මෙහි අරමුණයි.
ගුණානුස්මරණ සමරු දේශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අධ්‍යයනාංශයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ විසිනි.
| ← පීඨ සඳහා අයදුම්පත් භාර ගැනීම කල් දැමේ | දිවි නැගුමෙන් පලතුරු පැල → |
|---|




