Mon05202013

Last update09:35:43 PM GMT

sd sd

අවසානය අසම්පූර්ණ ගුරු සිසුන්ට විශේෂ විභාගයක්

  • පී.ඩී.එෆ් (PDF)

altගුරු විද්‍යාලවල පැරණි විෂය නිර්දේශය යටතේ පුහුණුව ලබා අවසාන විභාගය  අසමත් හෝ සම්පුර්ණ කර නොමැති ගුරු සිසුන් සඳහා අවසන් විභාගයක් සැප්තැම්බර් 6 වැනි දා සිට10 වැනි දින දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැරසේ.

 
මෙම විභාගය යළි නොපැවැත්වෙන බැවින් ඒ සඳහා පෙනී සිටිමට අපේක්ෂිත සියලු අයදුම්කරුවන් තමා පුහුණුව ලද ගුරු විද්‍යාලයට හෝ  පහත සඳහන් ගුරු විද්‍යාල වෙත පැමිණ විදුහල්පතිවරයා මගින් තම අයදුම්පත ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. 
 
01.පේරාදෙණිය ගුරු විද්‍යාලය  
02.කොටගල ගුරු විද්‍යාලය
03.යාපනය(කෝපායි) ගුරු විද්‍යාලය
04.උණවටුන ගුරු විද්‍යාලය
05.මහරගම ගුරු විද්‍යාලය
දුරකථන අංක  11-2784208 අමතා මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු විමසිය හැක.
 
Share/Save/Bookmark