Fri05242013

Last update09:51:14 PM GMT

sd sd

ආචාරධර්ම උල්ලංඝනය කරන මාධ්‍ය පිළිබඳ දැඩි අවධානයෙන් - රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ

  • පී.ඩී.එෆ් (PDF)

altඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඒ පිළිබඳ ආචාර ධර්ම උල්ලංඝනය කරමින් ප‍්‍රවෘත්ති පළ කිරීම පිළිබඳ රජයේ දැඩි අවධානය යොමු ව ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආරියරත්න ඇතුගල නිවේදනය කරයි.

 
වගකීමෙන් තොර ව සිදු කෙරෙන ඇතැම් මාධ්‍ය භාවිතයෙන් සහ වාර්තා මගින් සමාජයට අහිතකර බලපෑම් එල්ල වේ.
 
මනුෂ්‍ය ඝාතන වැනි සිද්ධීන් පාඨක, පේ‍්‍රක්ෂක හා ශ‍්‍රාවක ප‍්‍රජාව තුළ අනිසි උත්තේජනයක් ඇති වන අයුරින් වාර්තා කිරීම වග කිවයුතු මාධ්‍යයක කාර්ය භාරය නොවන බව ද ඔහු පවසයි.
 
පොලීසිය ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛනවලින් සහ සමාජ විද්‍යාත්මක විශ්ලේෂණවලින් ද හෙලිදරව් වී ඇත්තේ රට තුළ අපරාධ වැඩිවීමක් සිදු ව නොමැති බව යැයි ද ඔහු පවසයි.
 
එහෙත් දත්ත වාර්තාකරණයේ දී ප‍්‍රචණ්ඩත්වය වැඩිවීමක් ලෙස හුවා දැක්වීම හේතුවෙන් එම සිද්ධීන්ට අනවශ්‍ය ප‍්‍රචාරයක් ලබා දී ඇති බව ද ඔහු පෙන්වා දේ.
 
Share/Save/Bookmark