
ඩෙංගු අධි වසංගත හෝ වසංගත තත්වයක් ශ්‍රී ලංකාව තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි. ලංකාව තුළ ඩෙංගු රෝගීන්ට වඩා සිටිනුයේ හදිසි අනතුරුවලට හා බෝනොවන රෝග වලට ගොදුරු වුවන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
පසුගිය මාස 07තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 75ක් වුවද දිනකට හදිසි අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙක් මියයන අතර බෝනොවන රෝගවලින් 700ක් පමණ දෛනිකව මරණයට පත් වෙති.
ඇතැම් රටවල ඩෙංගු රෝගය මර්දනය කළ නොහැකි බැවින් අතහැර දමා ඇති නමුත් ශ්‍රී ලංකාව තුළ ඩෙංගු මර්දන කටයුතු ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය අවධාරණය යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.