Thu05232013

Last update09:33:14 PM GMT

sd sd

නාමල් රාජපක්ෂ ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

  • පී.ඩී.එෆ් (PDF)

altපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලෙස පෙනී සිටිමින් ගුවන් හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කරයි.

 
ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර්වරයෙකුගේ ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස ඉල්ලා මීට මාස 8 කට පෙර අදාල දුරකතන ඇමතුමෙන් ගුවන් හමුදාපතිවරයාට දැනුම් දී ඇති බව පොලීසිය නිවේදනය කරයි.
 
දුරකතන ඇමතුම ලබාදීමට ආධාර අනුබල දුන් බව පවසන වව්නියාව ගුවන් හමුදා කඳවුරක සේවය කරන ගුවන් හමුදා වින්ග් කමාන්ඩවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇතැයි සඳහන් ය. 
 
ඔහු ලබාදුන් තොරතුරුවලට අනුව රජයේ ප්‍රභූවරයෙකු ලෙස පෙනී සිටිමින් දුරකතන ඇමතුම ලබා දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය නිවේදනය කරයි.
Share/Save/Bookmark