ශී‍්‍ර ලංකාවේ අනාගත ඉලක්ක සපුරා ගැනීම සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහතික වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත කෝෂි මාතායි පවසයි.
නේවාසික නියෝජිතවරයා මේ බව පැවසුවේ 23වැනිදා කොළඹ පැවති ශී‍්‍ර ලංකාවට ඩොලර් බිලියන 2.6 ක් ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථකව නිමාවට පත් කරමිනි.
ශී‍්‍ර ලංකාව ප‍්‍රථම වතාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක් අවසන් කළ බවත් පසුගිය සමයේ තුළ ආර්ථීක ජයග‍්‍රහණ රැසක් අත්පත් කර ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ආර්ථික වර්ධන වේගය ශක්තිමත්ව පවත්වා ගැනීමත්, උද්ධමනය තනි අගයක පවත්වා ගෙන යාම සහ මුල්‍ය හිඟය අවම මට්ටමක පවත්වා ගෙන යාමත් නේවාසික නියෝජිතවරයාගේ පැසසුමට හේතු විය.
ශී‍්‍ර ලංකාව ආයෝජන වැඩි කර මරණ අනුපාත අඩුකර ගැනිමට සමත් වූ බවත් මෙම සියලු කාරණා සැලකිල්ලට ගනිමින් ශී‍්‍ර ලංකාවට අඛණ්ඩව ආධාර කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.