Fri05242013

Last update09:33:14 PM GMT

sd sd

නව ඉන්දීය ජනාධිපතිවරයාට ජනපතිගේ සුබ පැතුම්

  • පී.ඩී.එෆ් (PDF)

altජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ප‍්‍රනාබ් මුඛර්ජි වෙත මල් කළඹක් සමග සිය සුබ පැතුම් යොමු කරයි.

 
ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා ලෙස පාලක කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රනාබ් මුඛර්ජි තේරී පත් විය. 
 
පසුගිය 19 වැනි දා පැවති ජනාධිපතිවරණයේ දී ප‍්‍රනාබ් මුඛර්ජි 69‍ % ක් ඉක්ම වූ ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය. නව ජනාධිපතිවරයා තෝරා ගැනිමේ දී ඡන්දය ප‍්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායක නියෝජිතයින් ඇතුළු 4896 දෙනෙක් සුදුසුකම් ලැබූ හ.
 
මුඛර්ජි මහතා සමග ජනාධිපතිධුරය සඳහා තරග කළ භාරතීය ජනතා පක්ෂයේ සහාය ලද ලෝක් සභාවේ හිටපු කතානායකවරයෙකු වූ පී ඒ සංග්මා ලබා ගත් ඡන්ද ප‍්‍රතිශතය 30‍% කටත් අඩු විණැයි ඉන්දීය වාර්තා පවසයි.
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 748 දෙනෙකු අතරින් 527 දෙනෙකුගේ විශ්වාසය දිනා ගැනීමට මුඛර්ජි මහතාට හැකි ව තිබීම ද විශේෂත්වයකි.
ප‍්‍රනාබ් මුඛර්ජි බටහිර බෙංගාලය නියෝජනය කරන අතර 43 වසරක දේශපාලන ජිවිතය තුළ ඉන්දියාවේ ප්‍රබල අමාත්‍ය ධුර රැසක් දැරී ය.
 
ආරක්ෂක, මුදල්, වෙළෙඳ හා විදේශ යන අමාත්‍ය ධුර ඊට ඇතුළත්ය. 
 
ප‍්‍රනාබ් මුඛර්ජි මහතා ලබන 25 වැනි දා දිවුරුම් දීමට නියමිතයි. 
Share/Save/Bookmark