Sat05252013

Last update09:15:37 PM GMT

sd sd

වන ආරක්ෂිත අත්පත් කරගත්තවුන් වහා ඉවත් කරන්න - ජනපති

  • පී.ඩී.එෆ් (PDF)

altවන සංරක්ෂිත ප‍්‍රදේශවල බලහත්කාරයෙන් ඉඩම් අත්පත්  කරගෙන සිටින පිරිස් තරාතිරම නොබලා වහා ඉවත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ අදාල නිලධාරින්ට නියෝග කරයි.

 
වැව්තාවුල සහ පෝෂක ප‍්‍රදේශ, අලි සංචරණ මාර්ග ආශ්‍රිත‍ පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ ය. 
 
අක්කර 500 ක් වැනි විශාල ප‍්‍රදේශ බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිරිස් සම්බන්ධයෙන් තමා වෙත පැමිණිලි ලැබී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කිසිවෙකුට අයිතියක් නැති බව ද අවධාරණය කර තිබේ. 
 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව අවධාරණය කළේ ඉකුත් 27 වැනි දා කුරුණෑගල සමූපකාර ශාලාවේ පැවති කුරුණෑගල දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.
Share/Save/Bookmark