Thu05232013

Last update10:12:35 PM GMT

sd sd

මැලේසියානු දමිළ ඩයස්පෝරාවේ සහාය මන්නාරම ළමා නිවාසයට

  • පී.ඩී.එෆ් (PDF)

altමැලේසියවේ වෙසෙන දමිළ ඩයස්පෝරාවේ මුල්‍ය දායකත්වයෙන් මන්නාරමේ නවීකරණය කළ ළමා නිවාසය  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතින් විවෘත කෙරේ.

 
මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 07 ක් වන අතර මෙහි දෙමහල් ගොඩනැගිල්ලක් හා ළමා උද්‍යානයක් වෙතැයි වාර්තා වේ. 
 
එහි දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උතුරු නැගෙනහිර අවතැන් ජනතාව වෙනුවෙන් සහන සැපයීමට රජය ගෙන යන වැඩපිළිවෙල පැහැදිලි කළේය.
 
මානුෂීය මෙහෙයුමේ දී අවතැන් වූ ජනතාව වෙනුවෙන් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල මැලේසියවේ වෙසෙන ජනයාගේ සැපසුමට ද හේතු වී තිබේ.
 
මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ව සිටි මේජර් ජනරාල් උදය පෙරේරාගේ මග පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ඇරඹිණ. 
 
 
Share/Save/Bookmark