Sun05192013

Last update09:45:48 PM GMT

sd sd

සාමූහික ව සාර්ථකත්වය කරා ළඟා විය හැකියි - ජනපති

  • පී.ඩී.එෆ් (PDF)

altසාර්ථකත්වය කරා ළඟා විය හැක්කේ සියලු ජාතීන් එක් ව විසීමෙන් මිස වාර්ගික වශයෙන් බෙදීමෙන් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

 
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 30 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති සමාජගත කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 1250 දෙනෙකුට ස්වයංරැකියා ණය ප‍්‍රදානය කිරීමේ උත්සවයේ දී ය.
 
වසර 30 ක ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව වර්තමානයේ භුක්ති විඳින වාර්ගික සහජීවනය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විනාශ කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දේ.
 
ජාතීන් අතර වෛරය වැපිරීමට සිය යෞවනය බලහත්කාරයෙන් කැප කිරීමට සිදු වූ හිටපු ත‍්‍රස්තවාදී සාමාජිකයින්ට වර්තමානයේ සිට බලාපොරොත්තුවෙන් හා ප‍්‍රතාපවත් බවින් යුත් අනාගතයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාවන බව ජනාධිපතිවරයා පැවසී ය.
 
පුනරුත්ථාපනය වූ මෙම පිරිස ද රට පුරා දැනට ක‍්‍රියාත්මක දැවැන්ත සංවර්ධන ක‍්‍රියවලියෙහි සමාන කොටස්කරුවන් බවත් මෙම ණය මුදල ඔවුන්ට ගෞරවාන්විත පුරවැසියන් ලෙස සමාජයට ප‍්‍රවිෂ්ඨ වීමේ අවස්ථාව සලසන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
Share/Save/Bookmark