Fri05242013

Last update09:33:14 PM GMT

sd sd

මුල්‍ය බුද්ධි ඒකකය අවබෝධතා ගිවිසුම් රැසකට එළඹෙයි

  • පී.ඩී.එෆ් (PDF)

alt2006 අංක 06 දරන මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධි විධාන ප‍්‍රකාර ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය විදේශ කිහිපයක මුල්‍ය බුද්ධි ඒකක සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹෙයි.

 
ඒ අතර මොංගෝලියානු බැංකුව,රුසියානු ෆෙඩරේෂන් බැංකුව, සෞදි අරාබියානු බැංකුව සහ අමෙරිකා එක්සත් ජනපදයේ බැංකුවක් ද වේ.
 
මෙම අවබෝධතා ගිවිසුම්වල අරමුණ වනුයේ ව්‍යාජ මුදල් නෝට්ටු නිර්මාණය හා ත‍්‍රස්තවාදය සඳහා මුදල් යෙදවීමේ ජාවාරම් පිළිබඳ පරීක්ෂණ වඩාත් විධිමත් කිරීම බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
 
මුදල් විශුද්ධිකරණය හා ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම බොහෝ විට ජාත්‍යන්තර සබඳතා සහිත ව සිදු කෙරෙන අතර මෙවැනි නීත්‍යනුකූල නොවන ක‍්‍රියාකාරකම්වලට එරෙහි කටයුතු කිරීමේ දී මුල්‍ය බුද්ධි ඒකක ජාත්‍යන්තර වශයෙන් සංවිධාන වීම අවශ්‍ය වේ.
 
ඒ අනුව ලොව පුරා විසිරී ඇති මුල්‍ය බුද්ධි ඒකක එකිනෙකා අතර සම්බන්ධීකරණය හා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුම් උපයෝගි කර ගන්නා බව මහ බැංකුව සඳහන් කරයි.
 
මෙම අවබෝධතා ගිවිසුම් සමඟ ශී‍්‍ර ලංකා මුල්‍ය බුද්ධි ඒකකය විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ගණන 20 දක්වා ඉහළ ගොස් ඇති අතර මීට පෙර ඔස්ටේ‍්‍රලියාව, බෙල්ජියම, බංග්ලාදේශය, කැනඩාව, ඉන්දියාව, මලයාසියාව, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, ඇෆ්ගනිස්තානය, නේපාලය, කාම්බෝජය, ෆීජී දිවයින, ස්ලෝවේනියාව, දකුණු අප‍්‍රිකාව සහ සොලමන් දූපත් මුල්‍ය බුද්ධි ඒකක සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹ ඇත. 
Share/Save/Bookmark