Sun05192013

Last update09:45:48 PM GMT

sd sd

බස්නාහිර සුළු කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන අලෙවියට නව යාන්ත්‍රණයක්

  • පී.ඩී.එෆ් (PDF)

altබස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මගින් සුළු කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ක්‍රියාශීලී ලෙස අලෙවිය සඳහා යාන්ත්‍රණයක් ඇති කිරීමේ අරමුණින් IMPRO නමින් වෙළෙඳසැලක් පිහිටුවයි.

 
මෙම වෙළෙඳසැල ආරම්භ කිරීමේ කටයුතු බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ඇරඹිණ.
 
මෙම සමාගම බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියට අනුබද්ධිත රාජ්‍ය ආයතනයක් වන අතර එමගින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළෙඳපොල වෙත හඳුන්වා දීම, ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සාධාරණ මිලට සැපයීම හා කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ඵලදායීතාව වැඩි කිරීමට අපේක්ෂිත ය.
Share/Save/Bookmark