රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) මෙතෙක් තොරතුරු ලබා දී නොමැති රාජ්‍ය ආයතන ඒ සඳහා වහා පියවර ගන්නැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඉල්ලා සිටියි.
මහජනතාවට ඇවැසි දුරකතන අංක සහ තොරතුරු නොමැතිවීමෙන් ඔවුන් පත්වන අපහසුතාව සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම කරන බව නියෝජිතායතනය සඳහන් කර තිබේ.
ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව ද මෙම තොරතුරු ලබා දීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් බැඳී සිටින බව නියෝජිතායතනය සඳහන් කරයි.
රාජ්‍ය ආයතන මගින් ඉටු කරන මහජන සේවා පිළිබඳ තොරතුරු රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙත ලබා දෙන ලෙසත් එම තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමේ වැදගත්කම පිළිබඳත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කළ බව ද නියෝජිතායතනය වැඩිදුරටත් පෙන්වා දේ.
මෙසේ තොරතුරු හා දුරකතන අංක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙත ලබා දීමෙන් විශේෂයෙන් රාජ්‍ය ආයතනවලට කිහිප ආකාරයකින් වාසි අත් වන බව ද නියෝජිතායතනයේ අදහසයි.
රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අධිකාරි ඇතුළු ආයතන 290 ක පමණ තොරතුරු සහ දුරකතන අංක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සතු බවත් දිනකට ඒ වෙත මහජන ඇමතුම් 5,500ක් පමණ ලැබෙන බවත් නියෝජිතායතනය ප්‍රකාශ කරයි.