ළමුන්ට සිදු වන අපයෝජන හා හිංසන වළක්වා ගැනීමට සුවිශේෂී අවධානය යොමු කර ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට අයත් දිවයින පුරා සේවයේ නියුතු සියළු ප‍්‍රදේශීය ක්ෂේත‍්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ දීපව්‍යප්ත නව වැඩසටහනක් ආරම්භ කෙරේ.
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්දගේ උපදෙස් මත දිස්ත‍්‍රික් 18 ක් මූලික කරගෙන පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන අගෝස්තු මස 14 සහ15 දෙදින අනුරාධපුරෙන් ආරම්භ වීමට නියමිතයි.
අනුරාධපුර, නුවරවැව දේශන ශාලාවේ දී නේවාසික වැඩමුළුවක් ලෙස පැවැත්වෙන මෙහි ප‍්‍රථම වැඩසටහන අදාල දිනයන් හි පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිත ය.
මෙහි දී ළමා අපයෝජනයන්ට අදාල ජාත්‍යන්තර දැක්ම හා ශ‍්‍රී ලංකාවේ දැනට පවත්නා නීතිය සහ ළමා අපයෝජන, හිංසන වළකාලීම සඳහා මනෝ සමාජීය සහාය, උපදේශන කුසලතාව පිළිබඳ දැනුම ලබාදීම සඳහා ක්ෂේත‍්‍ර නිලධාරීන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වනිතා සංවර්ධන නිලධාරීන්, ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරිනියන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් , පරිවාස නිලධාරීන් සහ විදුහල්පතිවරුන් මේ වැඩසටහන සඳහා සහභාගී වනු ඇත.