Mon05202013

Last update09:28:00 PM GMT

sd sd

කපිලවස්තු පුර සර්වඥ ධාතුන් 19වැනිදා දිවයිනට

  • පී.ඩී.එෆ් (PDF)

altකපිලවස්තු පුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා 19වැනිදා පෙරවරු 10.30ට ඉන්දීය දූත පිරිසක් විසින් ශ්‍රී ලංකාවට වැඩම කරවීමට නියමිතය.

 
ඒ අනුව 19වැනිදා සිට සැප්තැම්බර් 04 දා දක්වා ශ්‍රී ලංකාවේ පළාත් 07ක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරේ.
 
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට වැඩම කරවන ධාතූන් වහන්සේලා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පිළිගනු ලැබීමට නියමිතය.
 
1978 වසරේ දී ශ්‍රී ලංකාවට ප්‍රථම වර‍ට වැඩම කරවන ලද මෙම ධාතූන් වහන්සේලා ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරයකදී කළ ඉල්ලීමකට අනුව වසර 34කට පසු මෙවර ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කෙරේ. 
 
සැප්තැම්බර් 05වැනිදා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නැවත ඉන්දියාවට වැඩම කරවීමට කටයුතු යොදා ඇති අතර ජනාධිපති කාර්යාලය හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මුලිකත්වයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ දායකත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
Share/Save/Bookmark