Tue06182013

Last update09:57:04 PM GMT

sd sd

සේවයට වාර්තා කළ පිරිසට හිංසාවක් නෑ - විදුලිබල මණ්ඩල පාලන අධිකාරිය

  • පී.ඩී.එෆ් (PDF)

altපසුගිය දින 06 පුරා වැඩවර්ජනයට සහභාගී වූ විදුලිබල මණ්ඩල සේවකයින් 17වැනිදා සේවයට වාර්තා කිරීමේ දී තම කාර්යාල පරිශ‍්‍රවලදී තාඩන පීඩන අපහසුතාවලට ලක් වූ බවට වෘත්තීය සමිති කිහිපයක නායකයින් සිදුකරන ප‍්‍රචාර අසත්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

 
කිසිදු ආකාරයක බලපෑමක් හෝ අපහසුතාවට ලක්වන ආකාරයේ ක‍්‍රියාදාමයක් තම ආයතන පරිශ‍්‍ර තුළ සිදු නොවු බව සෑම කාර්යාලයකම ප‍්‍රධානීන් ලෙස කටයුතු කරන ඉංජිනේරුවන් සහ විධායක ශ්‍රේණිවල නිලධාරීන් පෙන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
 
වර්ජනය පැවැති දිනවල සේවයට වාර්තා කළ සේවකයින්ට එම කාලය තුළ දී බීමත්ව පැමිණ බියවැද්දීම්, දුරකතන ඇමැතුම් මඟින් සිදු කළ
තර්ජනවලට මුහුණ දුන් සේවකයින් එම ක‍්‍රියා සිදුකළ තම සහෝදර සේවකයින්ට දැඩි සේ දෝෂාරෝපණය කර ඇත. 
 
එවන් තත්ත්වයක් හැරෙන්නට 17වැනිදා සේවයට වාර්තා කළ කිසිදු සේවකයකුට අසාධාරණයක් වන ආකාරයෙන් පාලන අධිකාරිය කටයුතු නොකළ බවට ඉංජිනේරුවන් ප‍්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩල පාලන අධිකාරිය තහවුරු කරයි.
Share/Save/Bookmark