
2013 අයවැය සඳහා පෞද්ගලික ව්‍යාවසායකයින්ගේ අදහස් ලබාගැනීමේ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 20 වැනි දා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
දේශීය හා විදේශීය වෙළෙඳපොලට භාණ්ඩ සපයන වැවිලි කර්මාන්ත, කෘෂිකර්ම, ඇඟළුම්, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු, රූපලාවන්‍ය, ඖෂධවේදී , සත්ව පාලන, අත්කම්, සම්භාණ්ඩ, නිෂ්පාදන යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයෝ ඊට එක් ව සිටිය හ.
දේශීය ව්‍යවසායකයින් ශක්තිමත් කරමින් දේශීය මෙන් ම විදේශීය වෙළෙඳපොල තුළ සිය නිෂ්පාදන ඉහළ නැංවීම පිළිබඳ එහි දී සාකච්ඡා කර තිබේ.
2013 අයවැය සඳහා රටේ සෑම ක්ෂේත්‍රයක් ම නියෝජනය වන පරිදි අදහස් හා යෝජනා ලබාගැනීමේ වැඩපිළිවෙලක් ජනාධිපතිවරයා ක්‍රියාවට නංවා ඇත.