බෙදුම්වාදය පරදා නූතන ශ්‍රී ලාංකීය දේශයක් ගොඩ නැගෙන මොහොතක ජාතිවාදය වෙනුවෙන් පෙනී නොසිටින්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ 22 වැනි දා පැවැති මාධ්‍ය හමුවක දී ය.
ජාතිවාදය ව්‍යප්ත නොකරමින් මැතිවරණ කටයුතු සිදු කිරීම සෑම දේශපාලන පක්ෂයක ම වගකීමක් වන අතර නැගෙනහිර ප්‍රදේශයේ ජාතිවාදය හා ආගම්වාදය ඇති කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද හෙතෙම පෙන්වා දේ.
ඡන්දය ලබා ගැනීමට ජාතිවාදය උපක්‍රමයක් ලෙස යොදා ගැනීමට යම් යම් දේශපාලන පක්ෂ යොමු වී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.