Tue06182013

Last update11:47:20 PM GMT

sd sd

පැමිණීමේ ප්‍රතිශතය නොවන ගුරුවරුන්ට ප්‍රතිකාර්යය වැඩසටහනක්

  • පී.ඩී.එෆ් (PDF)

altපැමිණීමේ ප්‍රතිශතය සම්පූර්ණ නොකිරීමෙන් අවසාන විභාගයට අයදුම් කිරීමට අවස්ථාව නොලත් උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන්ට අනිවාර්යය ප්‍රතිකාර්යය වැඩසටහනක් සකස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

සැප්තැම්බර් මස අග භාගයේ පැවැත්වීමට නියමිත දෙවැනි වසර අවසන් විභාගය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ව එය සංවිධාන කර තිබේ.
 
අයදුම්කරුවන් සිය දුරකතන අංකය සහිත ලිඛිත අභියාචන අගෝස්තු 28 වැනි දා ට ප්‍රථම අධ්‍යාපන අධ්‍යක්ෂ - ගුරු අධ්‍යාපන පරිපාලන,අධ්‍යාපන අමාත්‍යාංශය,ඉසුරුපාය,බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය.
 
නැතහොත් 1988 ක්ෂණික ඇමතුම් අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකි බව අමාත්‍යාංශය කියයි.
Share/Save/Bookmark