මහනුවර - යාපනය ඒ 9 මාර්ගය දැනට අළුත්වැඩියා කෙරෙමින් පවතින හෙයින් ඕමන්තේ සිට යාපනය දෙසට ගමන් කරන රියැදුරන් වෙත විශේෂ උපදෙස් පත්‍රිකාවක් ලබා දීමට පොලීසිය කටයුතු යොදයි.
ඒ අනුව ඕමන්තේ සිට යාපනය දෙසට ගමන් කරන රියැදුරන්ට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි සිල්වා විසින් රිය පැදවීම පිළිබඳ උපදෙස් පත‍්‍රිකාවක් ඕමන්ත මාර්ග බාධකයේ දී ලබා දීමට කටයුතු කර තිබේ.
එම උපදෙස් පත‍්‍රිකාව භාෂා තුනෙන් ම මුද්‍රණය කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
| ← මෙරට ඒඩ්ස් පැතිර යාමේ බරපතල අවදානමක් | දිනක් තුළ බීමත් රියැදුරන් 317 ක් අත්අඩංගුවට → |
|---|




