Wed05222013

Last update09:32:07 PM GMT

sd sd

දිවි නැගුම දෙපාර්තමේන්තුව කඩිනමින් පිහිටුවනවා - ලක්ෂ්මන් යාපා

  • පී.ඩී.එෆ් (PDF)

altදිවිනැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 20 වැනි දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත‍මේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
 
2011 අගෝස්තු 25 වැනි දා අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සමෘද්ධි කොමසාරිස් කාර්යාලය, සමෘද්ධි අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ උඩරට ගැමි පුනරුත්ථාපන අධිකාරිය එක් කර දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ය.
 
ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වීමෙන් අනතුරුව එය පනතක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් එම අවස්ථාවේ දී වෘත්තීය සමිති කිහිපයක් සහ ස්වෙච්ඡා සංවිධාන කිහිපයක් මේ සම්බන්ධයෙන් අධිකරණයට නඩුවක් ගොනු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දිනි.
 
Share/Save/Bookmark