පැරසිටමෝල් අනිසි ලෙස භාවිතා කිරීම හේතුවෙන් දිනකට පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කරන අතර සියදිවි නසාගැනීම සඳහා වැඩිම වශයෙන් භාවිතා කරන ඖෂධයද පැරසිටමෝල් බව ඖෂධ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාරිනී වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ සිදුවන මරණවල නව වන හේතුව ලෙස ඖෂ්ධ විෂ වීම වාර්තා වී ඇත.
ගම්බද ප්‍රදේශවල විෂවීම්වලින් රෝහල් ගත කෙරෙන රෝගීන් අතරින් වැඩිම පිරිසක් පැමිණෙන්නේ පළිබෝධනාශක විෂ වීම හේතුවෙන් වුවද නාගරික ප්‍රදේශ වල වැඩිම විෂවීම් වලට හේතුව ඖෂධ බවද වෛද්‍ය ගලප්පත්ති මහත්මිය සඳහන් කළාය.
| ← ජාත්‍යන්තර ක්‍රීඩාංගන නවයක් | පුද්ගල පැහැරගැනීම අනාවරණය වේ → |
|---|




