Sun05192013

Last update09:45:48 PM GMT

sd sd

අකාශි දරුස්මාන් වාර්තාවේ දොස් දකී

  • පී.ඩී.එෆ් (PDF)

එ ල් ටි ටී ඊ  වැනි විනාශකාරී සංවිධානයක් ශ්‍රී ලංකා රජය හා සම තත්ත්වයේ සැළකිය නොහැකි බවත් එසේ සැළකීමෙන් සිදුවන්නේ ත්‍රස්තවාදයට එරෙහිව ගෙනයන සටන  මොට කිරීමක් බවත් ජපාන රජයේ විදේශ ප්‍රතිපත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක යසුෂි අකාශි පවසයි.

ඔහු මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ජපාන ඒකාබද්ධ වෙළඳ සංගමය මගින් සෙනසුරාදා (02) ජපානයේ පැවති සමුළුවකදිය.

දරුස්මාන් වාර්තාව පිළිබදව ඔහු අදහස් දක්වමින් කියා සිටියේ " එම වාර්තාව මම ඉතා ඕනෑකමින් කියවා බැලුවා. මට එහිදී පැහැදිලි වුණා වාර්තාව සකස් කොට තිබෙන්නේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මඟින් සකස් කරන ලද යෝජනාවේ ඇතැම් කොටස් ඒ ආකාරයෙන්ම මෙම වාර්තාවට එක් කිරීමෙන් බව" ඔහු වැඩි දුරටත් පැවසීය.

Share/Save/Bookmark