Tue05212013

Last update09:32:07 PM GMT

sd sd

පොලිස් නිල ඇඳුමේ වෙනසක්

  • පී.ඩී.එෆ් (PDF)

පොලිස් නිලධාරීන් සඳහා දැනට තිබෙන නිල ඇඳුම වෙනුවට නව නිල ඇඳුමක් හඳුන්වාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කාන්තා සහ පිරිමි පොලිස් නිලධාරීන්ට දෙයාකාරයකට නිම වූ නිල ඇඳුම් ලබාදෙන අතර සියලුම ධූරවල පොලිස් නිලධාරීන් සඳහා මෙය ලබාදීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම හදුන්වාදීම වර්ෂ 1976 දී සිදුකළාක් මෙන් විශාල වෙනසක් නොවන අතර මෙමඟින් අපේක්ෂා කරනුයේ යුධමය ස්වරූපයක් දරණ   පොලිස් නිල ඇඳුම සිවිල් සේවාවකට උචිත   ආකාරයට සැකසීම යැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

1976 වර්ෂයේදී පැවති කොට කලිසම වෙනුවට පොලිස් නිලධාරීන්ට දිගු කලිසම හඳුන්වාදුණි.

දැනට පවතින නිල ඇඳුම වෙනස්කිරීමේ යෝජනාව හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය විසින් ඉදිරිපත් කරන ලද්දකි.

Share/Save/Bookmark