Sat05192012

Last update08:13:28 AM GMT

sd sd

ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ සාමසාධක උපදේශන මණ්‌ඩලයට

  • පී.ඩී.එෆ් (PDF)
altඑක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිළිබඳ විශේෂ උපදේශන මණ්‌ඩලයට එක් වූ මුල් ම ශ්‍රී ලාංකිකයා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ.
 
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් සාමසාධක කටයුතු සම්බන්ධ රටවල් සහ ඒ ආශ්‍රිත පැන නැගෙන ගැටළු පිළිබඳ උපදේශනය වෙනුවෙන් මෙම කමිටුව පත්කර ඇති අතර මේජර්වරයා ආසියා-ශාන්තිකර කලාපීය රටවල් සම්බන්ධ නියෝජිතයා වශයෙන් කටයුතු කරනු ඇත.
 
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් කැනේඩියානු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ලුවිස් ෆර්චෙට්, අමෙරිකානු හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජේම්ස් ඩොබින්ස් සහ හිටපු සාමසාධක මෙහෙයුම් ලේකම් ජීන් මැරී ගුවෙන්නෝ ද කමිටු සාමාජිකයන් ලෙස පත් ව ඇත.
Share/Save/Bookmark