පසුගිය දා පැහැර ගැනීමට ලක් වූයේ යැයි කියන පේ‍්‍රමකුමාර් ගුණරත්නම් තෙවරක් සිය නම වෙනස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දේ.
පළමුවෙන් වන්නිනායක මුදියන්සේලාගේ දස්කොන් ලෙස ඔහුගේ විවාහ සහතිකයේ ද රත්නායක මුදියන්සේලාගේ දයාලාල් යන තවත් නමක් ඔහු මෙරටින් ලබාගත් විදේශ ගමන් බලපත‍්‍රයේ ද සඳහන් වන බව අමාත්‍යාංශය කියයි.
නොයෙල් මුදලිගේ ලෙස තවත් නමක් 2011වසරේ සැප්තැම්බර් මස 4වැනි දින ශී‍්‍ර ලංකාවට පැමිණ ඉදිරිපත් කළ ඔහුගේ ඔස්ටේරලියානු විදේශ ගමන් බලපත‍්‍රයේ භාවිත කර තිබේ.
පේ‍්‍රම්කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල යන අය පිළිබඳ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ පිහිටි රාජ්‍ය තාන්ති‍්‍රක දූත මණ්ඩල එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරිමට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් ය.
පොලීසිය විසින් ගුණරත්නම්ගෙන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් සිදු කළ දීර්ඝ ප‍්‍රශ්න කිරීමක දී මේ හා සම්බන්ධ කරුණු අනාවරණ ව තිබේ.
| ← කෘෂිකාර්මික ස්වයංපෝෂිත බව අභිමානවත් ජාතියක් ගොඩනගනවා - පවිත්‍රා | බිම් බෝම්බ වැළලූ ප්‍රදේශ යථා තත්ත්වයට - බිම් බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය → |
|---|




