පුර නැගුම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ ඇති කුඩා නගර නවීකරණය සඳහා 2012 වසරේ රුපියල් මිලියන 534ක් වෙන් කර ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය පවසයි. බස්නාහිර, උතුරු මැද, ඌව, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ යන පළාත්වලින් මෙම වැඩසටහන යටතේ නගර 108ක් මේ වසරේ දී සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
මීට ප්‍රථම “පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය”යටතේ ණය ආධාර ලබා නොගත් පළාත් පාලන ආයතන අතුරින් කුඩා නගර මේ යටතේ සංවර්ධනය කිරීමට කටයුතු කෙරේ.
| ← අක්‍රමවත් නින්ද දියවැඩියාවට හේතුවක් | ගුණරත්නම් පැහැර ගැනීම හුදෙකලා සිද්ධියක් - විදේශ කටයුතු අමාත්‍යාංශය → |
|---|




