Thu05232013

Last update09:33:14 PM GMT

sd sd

මුහුදු කොල්ලකරු ග්‍රහණයෙන් මිදුණු ධීවරයින් දිවයිනට

  • පී.ඩී.එෆ් (PDF)

altසෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටියදී බේරාගත් මෙරට ධීවරයින් 6 දෙනා 26 වැනි දා පෙරවරුවේ යළි මව්බිමට පැමිණි බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පවසයි. 

මෙම ධීවරයින් 6 දෙනා පසුගිය සැප්තැම්බරයේ මීගමුව ධීවර වරායේ සිට ධීවර කටයුතු සඳහා පිටත් ව ගොස් තිබූ අතර ධීවරයින් රැගත් මෙම යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත් විය.
එම ග්‍රහණයේ සිටියදී ස්පාඤ්ඤ යුද නෞකාවක් විසින් පසුගිය 19 වැනි දා  ධීවරයින් මුදවාගෙන තිබිණි.
මේ අතර ගුවන්තොටුපොල බලධාරීන් එම ධීවරයින්ගේ පැමිණීම වාර්තා කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන හා පෞද්ගලික මාධ්‍ය ආයතනයකට පමණක් අවස්ථාව ලබා දී තිබූ බව අප වාර්තාකරු පවසයි.      
 
Share/Save/Bookmark