Fri05242013

Last update03:33:29 AM GMT

sd sd

බස් මගී පැමිණිලි සේවාවට පැමිණිලි 328ක් - රොෂාන් ගුණවර්ධන

  • පී.ඩී.එෆ් (PDF)

altඅවුරුදු සේවාවන්ට සමගාමී ව අපේ‍්‍රල් 05 වැනි දා සිට අපේ‍්‍රල් 22 වැනි දා තෙක් ක‍්‍රියාත්මක වූ මහජන පැමිණිලි විමර්ශන සේවාවට පැමිණිලි 328ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන පවසයි.  

වැඩිපුර ගාස්තු අය කිරීම හා ඉතිරි මුදල් ලබා නොදීම, මගීන්ට ආචාරශීලී නොවීම, ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකිරීම, නියමිත ප‍්‍රමාණයට වඩා වැඩි මගීන් සංඛ්‍යාවක් ප‍්‍රවාහනය, වායුසමීකරණය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම, නියමිත මාර්ගයේ ධාවනය නොකිරීම, බස් රථය මගී ප‍්‍රවාහනයට සුදුසු තත්ත්වයේ නොතිබීම, නියමිත කාල සටහන උල්ලංඝණය හා නොසැලකිල්ලෙන් රිය පැදවීම යන කරුණුවලට අදාල පැමිණිලි එසේ ඉදිරිපත් වී තිබේ.
එම පැමිණිලි ක‍්‍රමානුකූල ව විමර්ශනය කර වැරදිකරුවන් සඳහා දඬුවම් ලබාදීමට කටයුතු කෙරේ.
මෙසේ වැරදිකරුවන් වන රියැදුරු සහ කොන්දොස්තරවරුන්ගේ ලියාපදිංචි හැඳුනුම්පත අවලංගු කිරීම, පරිපාලන ගාස්තු අය කිරීම, තම වියදමින් පුහුණු වැඩසටහන්වලට අනුයුක්ත කිරීම, ධාවන බලපත‍්‍ර තාවකාලික ව අත්හිටුවීම හා බලපත‍්‍ර අවලංගු කිරීම සිදු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසී ය. 
සභාපතිවරයා මේ බව පැවසූවේ පසුගිය දා ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 

 

Share/Save/Bookmark