Sun05192013

Last update09:45:48 PM GMT

sd sd

පාන් මිල ඉහළට - බේකරි හිමියන්ගේ සංගමය

  • පී.ඩී.එෆ් (PDF)

altතිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් ගෙඩියක් රුපියල් 3ත් 5ත් අතර මිලකින් ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිඟු පිටි මිල රුපියල් 8.50කින් වැඩිවීම බේකරි කර්මාන්තයේ නිෂ්පාදන වියදමට බලපාන බැවින් මිල ඉහළ නැංවීමට සිදු ව ඇති බව සමස්තලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කර සිටී.

පාන් මිල වැඩිවන ආකාරය පිළිබඳ ඉදිරියේ දී සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව සංගමයේ සභාපති එම් කේ ජයවර්ධන පැවසී ය.

පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 12කින් වැඩි කිරීමට තිරිඟු පිටි සමාගම් වෙත අවසර ලබා දුන් බව පාරිභෝගික සේවා අධිකාරිය 26වැනි දා නිවේදනය කළේ ය.

 

Share/Save/Bookmark