ශ්‍රී ලංකාවේ මානූෂීය මෙහෙයුම පැවති කාලයේ දී මෙරට හමුදාව විශාල වශයෙන් යුද අවි භාවිත කළ බවට ජාත්‍යන්තර මාධ්‍ය නගන චෝදනා පදනම් විරහිත යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙරට ආරක්ෂක හමුදාවෝ මැනවින් ත්‍රස්තවාදය පරාජය කර ත්‍රස්තවාදීන් විසින් මිනිස් පලිහක් ලෙස රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 290, 000 ක් බේරා ගත්හ.
මානූෂිය මෙහෙයුම පැවති කාලයේ දී යුද උපකරණ විශාල වශයෙන් හෝ නීත්‍යානූකූල නොවන යුද අවි භාවිත නොකළ බවත් ප්‍රවේශම්කාරීව ඉතා නිවැරදිව සැලසුම් කළ යුද සැලසුම් පමණක් භාවිත කරමින් මෙම ජයග්‍රහණය ලබා ගත් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.