මධ්යම රජය හා පළාත් සභාවල වාර්ෂික මුල්ය ප්රකාශන සකස් වන්නේ වෙන් වෙන් වශයෙන් බැවින් මුල්ය ප්රකාශන ඒකාබද්ධව ඉදිරිපත් කළ හැකිනම් රාජ්ය මුල්ය තොරතුරුවල පරිපුර්ණත්වය ඉහළ මට්ටමකට පත්වන බව මුදල් හා ක්රම සම්පාදන අමාත්යාංශය පවසයි.
ඒ සදහා මධ්යම රජයේත් පළාත් සභාවලත් ආදායම් වියදම් සටහන් තැබීම සමානුරූපීව සිදුවීම වැදගත් බවත් සුළු වශයෙන් වෙනස්කම් ඇතත් බොහෝ පළාත් සභා මධ්යම රජයේ වැය විෂයයන් සහ ආදායම් ශිර්ෂවලට සමගාමී සිය ගිණුම්කරණ කටයුතු දැනටමත් පවත්වාගෙන යන බවත් අමාත්යාංශය සදහන් කරයි.
ආරම්භයක් ලෙස දැනටමත් මධ්යම රජයේ අය සහ වැය සංකේතවලට සමගාමි පළාත් සභා ගිණුම් තොරතුරු පවත්වාගෙන යාමට රාජ්ය ගිණුම් දෙපාර්තමේන්තුව අවශ්ය පියවර ගෙන තිබේ.
ඒ අනුව පළාත් සභා හා මධ්යම රජය යන දෙඅංශයේම ආදායම් සහ වියදම් තොරතුරු ඇතුළත් ව සමස්ත රාජ්ය මුල්ය තොරතුරු සකස් කිරිමේ හැකියාව ඉදිරියේදි උදාවන බව අමාත්යාංශය අවධාරණය කරයි.