Wed05222013

Last update10:12:35 PM GMT

sd sd

පාසල් දහස සංවර්ධනයට මිලියන 8,600 ක්

  • පී.ඩී.එෆ් (PDF)
altමේ වසරේ දී පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල සඳහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 8,600 ක ප්‍රතිපාදන වෙන් කොට තිබේ. 
 
2012 අයවැය කතාව මගින් ජනාධිපති මගින්ද රාජපක්ෂ ද්වීතීයික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යෝජනා කළ අතර එමගින් එම පාසල් 300ක් සහ ප්‍රාථමික පාසල් 700 ක් මෙම වසර තුළ සංවර්ධනයට අපේක්ෂා කරනු ලබයි.
 
දැනටමත් පාසල් 836 ක් මෙම වැඩසටහන සඳහා තෝරාගෙන ඇත. වැඩසටහන ක්‍රියාවට නැංවීමේ දී පාසල් ගොඩනැගිලි සංවර්ධනය, පාසල් පෙළ පොත්වල ගුණාත්මකභාව ඉහළ නැංවීම සහ පාසල් ළමුන් සඳහා පවතින සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීමට මූලිකත්වය ලබාදීමට නියමිත ය.
Share/Save/Bookmark