රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ඉදිරියටත් සිදු කෙරෙන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.මේ වනවිට වී මෙට්‍රික් ටොන් 23,000කට අධික ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බවත් ඊට අමතර පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා වී මෙට්‍රික් ටොන් 15,000ක් පමණ මිල දී ගෙන ඇති බවත් වී අලෙවි මණ්ඩලය පෙන්වා දේ.
පොලොන්නරුව කලාපය තුළ වී අලෙවි මණ්ඩලයේ මධ්‍යස්ථාන 29ක් සහ දිස්ත්‍රික් සමූපකාර සමිති 09 ක් මගින් වී මිල දී ගැනීමේ කාර්යය සිදු කෙරේ.
| ← දරුවන්ගේ අනාගතයේ පදනම ලැබෙන්නේ උපන් ගමෙන් - බන්දුල | යළි ඊළමක් පිහිටුවීමේ ඩීඑම්කේ තීරණය බැහැර කරනවා - ටී වාසන් → |
|---|




