දරුවන්ගේ ඉදිරි ජීවිතයට පදනම ලැබෙන්නේ උපන් ගමෙන් බවත් ස්වභාවධර්මයට සංවේදී වීමෙන් ඔවුන්ගේ නිර්මාණශීලී චින්තනය වර්ධනය වන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.සිය නිර්මාණාත්මක හැකියා තුළින් පුබුදුවා ලූ යුග පුරුෂයෙකු ලෙස ආනන්ද සමරකෝන් සූරීන් වත්මන් පරපුරට ආදර්ශයක් බවත් එවැනි කලාකරුවන්ට ජාතියේ ගෞරවය හිමිවිය යුතු බවත් අමාත්‍යවරයා පැවසී ය.
උපන් ගමෙන් ලබාගත් පන්නරය සමග උසස් අධ්‍යාපනයේ ද නිරත වූ සමරකෝන් සූරීන්ගේ නිර්මාණ අතරින් ජාතික ගීයට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර ජාති ආගම් භේද නොසලකා ශ්‍රී ලාංකිකයින් ලෙස එක් ව නැගී සිටිමින් දේශය ප්‍රාණවත් කිරීමට එය සමත් වූ බව ද හෙතෙම පෙන්වා දෙන ලදී.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා පාදුක්ක, ලියන්වල ප්‍රදේශයේ ඉදිකළ නව පාලම විවෘත කරමිනි.
ආනන්ද සමරකෝන් සූරීන්ගේ පනස් වැනි ගුණානුස්මරණය වෙනුවෙන් එතුමන්ට ගෞරව පිණිස එය ආනන්ද සමරකෝන් සමරු පාලම ලෙස නම් කෙරිණි.
| ← ෆොන්සේකාගේ ඇප අයදුම්පත සලකා බැලීම 09 වැනිදා - ශ්‍රේෂ්ඨාධිකරණය | රජයේ වී මිල දී ගැනීම් ඉදිරියටත් → |
|---|




