ජිනීවා සමුළුවාරය අතර අමාත්‍ය ඩිව් ගුණසේකර වැඩ බලන විදේශ අමාත්‍යවරයා ලෙස පත් කිරීම කාලෝචිත පියවරක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ සඳහන් කරයි. අමාත්‍ය ගුණසේකර ජාත්‍යන්තර තලයේ ගැටළු නිවැරදි ව හඳුනා ගනිමින් සහ නිශ්චිත වැඩපිළිවෙලක් මත ක්‍රියාකරමින් ජිනීවා අභියෝගයට සාර්ථක ව මුහුණ දුන් බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දේ.
ශ්‍රී ලංකාවට එරෙහි ඡන්දය භාවිත කිරීම හේතුවෙන් ඉන්දියාවට ජාත්‍යන්තර ව මෙන් ම කලාපීය වශයෙන් ද දැඩි බලපෑමක් එල්ල වූ බව සඳහන් කරන මහාචාර්ය විජේසිංහ ඉන්දියාව සමග මිත්‍රත්වයේ දීර්ඝකාලීන වැදගත්කම අවධාරණය කරයි.
ඉන්දියාවට එම පියවර ගැනීමට බල පෑ හේතු කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර සබඳතාව තවදුරටත් තහවුරු කර ගත යුතු බව ද ඔහු පෙන්වා දේ.
| ← වෙසක් සතිය නිමිත්තෙන් සුරාසැල් වැසේ | පාඩු ලබන ආයතන විධිමත්ව පවත්වාගෙන යාම අරමුණයි - ජනපති → |
|---|




