Mon05202013

Last update09:28:00 PM GMT

sd sd

විනයවිරෝධී සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර නැවැත්වීමට නියෝගයක්

  • පී.ඩී.එෆ් (PDF)

altවිශ්වවිද්‍යාලවල විනය විරෝධී ක්‍රියාවන්ට වැරදිකරුවන් වන සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව මුදල ගෙවීම අහෝසි කිරීමට තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 
මහපොළ ශිෂ්‍යත්ව මුදල් අත්හිටුවීම හෝ අවලංගු කිරීම සහ විෂමාචාර පිළිබඳ වැරදිවල දී ශිෂ්‍යත්ව අවලංගු කිරීම පිළිබඳ කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලු විශ්වවිද්‍යාල වෙත මහපොළ භාරකාර අරමුදල දැනුම් දී ඇත.
 
මහපොළ අරමුදල හිමි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය පාඨමාලාවට අදාල දේශන, නිබන්ධන පන්ති හා ප්‍රායෝගික පන්ති ආදී තමන් හදාරන පාඨමාලාවට අයත් කටයුතුවලට විධිමත් පරිදි සහභාගී නොවීම, නොපැමිණීම පිළිබඳ අදාල විශ්වවිද්‍යාලයෙන් ඉදිරිපත් කෙරෙන වාර්තා අනුව මෙය ක්‍රියාත්මකයි. 
 
මහපොළ ‍උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මගින් ඉදිරිපත් කර ඇති කොන්දේසි ප්‍රකාර 2 (01) වගන්තිය යටතේ මේ පිළිබඳ අවධරණය කර ඇති අතර අදාල විනය කඩකිරීම් සහ විෂමාචාර සිදු කළ අවස්ථාවන්හි දී  එම කොන්දේසි ප්‍රකාර ව ක්‍රියා කළ යුතු බවට ද මහපොළ භාරකාර මණ්ඩලය නියම කර තිබේ.   
Share/Save/Bookmark