
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරි වසර 20 ඉලක්ක කරගත් බලශක්ති ජනන සැලැස්මක් සකස් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
එම දිගුකාලීන බලශක්ති ජනන සැලැස්ම මගින් ඉතා අවම වියදමින් බලාගාර තැනීමේ අපේක්ෂාවක් පිළිබඳ අවධානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දේ.
ත්‍රිකුණාමලය වරාය ප්‍රදේශය බලශක්ති කේන්ද්‍රයක් බවට පත් කිරීමට උචිත බවත් ඉදිරියේ දී ආර්ථික ඉලක්ක සාර්ථක කර ගැනීම පිණිස පරිසරයට සිදු වන හානිය අවම කර ගනිමින් බලාගාර පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
හෙතෙම මේ බව පැවසුවේ ඉකුත් 09 වැනි දා පාර්ලිමේන්තුවේ දී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඉදිරිපත් කළ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය පිළිබඳ විවාදයේ අදහස් දක්වමිනි.