
පසුගිය වසරේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල හා රත්මලාන ගුවන්තොටුපොල රුපියල් කෝටි 946 ක් උපයා ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න පවසයි.
මේ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් රුපියල් කෝටි 945 ක් සහ රත්මලාන ගුවන්තොටුපොලින් රුපියල් ලක්ෂ 70 ක් උපයා ඇති අතර එම මුදල් රටට ඇතුළු වූ හා රටින් පිට වූ ගුවන් මගීන්ගෙන් හා භාණ්ඩ හුවමාරුවෙන් උපයාගෙන ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
2007 සිට 2011 දක්වා කාලය තුළ ගුවන් යානා ලියාපදිංචි කිරීමෙන් රුපියල් දෙලක්ෂ අසූ දෙදහස් නවසියයක මුදලක් උපයාගෙන ඇති අතර ලංකාව තුළ ගුවන්තොටුපොල 13 ක් වන බවත් ඉන් 11 ක අධීක්ෂණය හා පරිපාලනය ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා 09 වැනි දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කරන ලදී.