Tue05212013

Last update12:15:18 AM GMT

sd sd

අර්බුදය නොවිසඳුණොත් ජෝර්දානයට ශ්‍රමිකයින් යවන්නේ නෑ - ඩිලාන්

  • පී.ඩී.එෆ් (PDF)
altජෝර්දානයේ රැඳවුම් කදවුරක සිටින ශ්‍රී ලාංකිකයින්ගේ අර්බුදය එරට රජය සමග සාකච්ඡා කර විසඳා ගැනීමට නොහැකි වුවහොත් ජෝර්දානයට ශ්‍රමිකයින් යැවීම තහනම් කරන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.
 
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 250 දෙනෙකුට ආසන්න පිරිසක් ජෝර්දානයේ රැඳවුම් කඳවුරක වන බව පැවසූ අමාත්‍යවරයා ඉන් 30 ක ප්‍රමාණයක් පසුගිය මාසයේ මෙරටට ගෙන්වා ගත් බව ද 09 වැනි දා පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා පැවසී ය.
 
විවිධ රටවල පුද්ගලයන් මේ වනවිට ජෝර්දානයේ ඇඟළුම් කම්හල් ආරම්භ කර ඇති බවත් එම ඇඟළුම් කම්හල් හි සේවය සඳහා රැඳවුම් නිවාසයේ සිටින ශ්‍රමිකයන් යෙදවීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය ඩිලාන් පෙරේරා පෙන්වා දේ. 
Share/Save/Bookmark