Sat05252013

Last update09:51:14 PM GMT

sd sd

මෙරට හයිඩ්‍රජන් ඉන්ධන යුගයක් කරා ගෙනයනවා - එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය

  • පී.ඩී.එෆ් (PDF)

altශ්‍රී ලංකාව කෙටි කලකින් හයිඩ්‍රජන් ඉන්ධන යුගයක් කරා ගමන් කරන බවත් එය කුඩා පරිමාණ ක්ෂේත්‍රයෙන් ආරම්භ කෙරෙන බවත් එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය පවසයි.

 
එහි නියමු ව්‍යාපෘතිය ගාල්ල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව එම සංවිධානයේ මෙරට ජාතික අධ්‍යක්ෂ නවාස් රාජාබ්දීන් සඳහන් කරයි.
 
මේ තුළින් හයිඩ්‍රජන් ඉන්ධන මෙරට කුඩා පරිමාණ කර්මාන්ත හා කුඩා පරිමාණයේ ප්‍රවාහන ක්ෂේත්‍රයට යොදා ගන්නා ආකාරය පිළිබඳත් මෝටර් රථ ප්‍රවාහන සහ ධීවර බෝට්ටු ක්ෂේත්‍රය ද ඇතුළු ව එය ව්‍යප්ත කළ හැකි අනිකුත් ප්‍රවාහන ක්ෂේත්‍ර පිළිබඳත් අවබෝධයක් ලබා ගැනීමට අපේක්ෂිත ය.
Share/Save/Bookmark