Sat05252013

Last update09:15:37 PM GMT

sd sd

බලශක්ති අරපිරිමැස්ම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

altකාර්යක්ෂම ව බලශක්තිය  භාවිතය පිළිබඳ සමස්ත රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හා ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙලක් ලෙස දියත් කෙරේ.

 
එහි සමාරම්භක අවස්ථාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ සහභාගීත්වයෙන් 11 වැනි දා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
 
මේ වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සුවිශාල දියුණුවක් ලබා ඇති බවත් ආසියානු කලාපයේ රටවල් අතරින් පැය 24 පුරා විදුලිය ලබාදෙන එක ම රට ශ්‍රී ලංකාව බවත්  අමාත්‍ය පාඨලී චම්පික පවසයි.
 
මේ වසර අවසන් වීමට ප්‍රථම සැමට සැමවිට විදුලිය යන්න යථාර්ථයක් බවට පත්කරමින් මුළු දිවයිනම විදුලියෙන් ඒකාලෝක කිරීමට මේ වනවිට සියල්ල සූදානම් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
 
ඉන්ධන මිලට සාපේක්ෂ ව විදුලි බිල ඉහළ යාම වැළැක්වීමට අමාත්‍යාංශයට නොහැකි බවත් මේ සඳහා ගතහැකි එකම පියවර විදුලි සංරක්ෂණය බවත් අමාත්‍යවරයා පෙන්වා දේ.
 
ඒ සඳහා පාසල් සිසුන්, පුද්ගලික අංශයේ සේවක පිරිස් මෙන් ම කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ද එක් කර ගත් බව ද අමාත්‍යවරයා පවසයි.
 
එම අවස්ථාවට සමගාමී ව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ අත්සනින් යුතු ජාතික විදුලිබල සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කෙරිණි.
 
Share/Save/Bookmark