Sat05182013

Last update09:45:48 PM GMT

sd sd

සරසවි සිසුන් ඇතුළත් කරගැනීම පිළිබඳ විශේෂ කමිටුවක් - එස්බී

  • පී.ඩී.එෆ් (PDF)
altවිශ්වවිද්‍යාල සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳ පවතින ක්‍රමවේදය සම්බන්ධයෙන් යළි සළකා බැලීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත්කිරීමට අදහස් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්බී දිසානායක පවසයි.
 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නව වසරේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ කාර්යය පිළිබඳ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ හසල දැනුමක් සහිත විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් කණ්ඩායමක් පත් කරන ලදී. 
 
එම කණ්ඩායම විසින් නව සහ පැරණි නිර්දේශ යට‍තේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා විශේෂ ඉසෙඩ් ලකුණු ක්‍රමයක් (Z score system) හඳුන්වා දීමට පියවර ගත් බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 
 
නමුත් මෙම ක්‍රමය පිළිබඳ නොයෙකුත් පරස්පර විරෝධී අදහස් ඇති බැවින් ඒ පිළිබඳ නැවත සලකා බැලීම සුදුසු බව අවස්ථා කිහිපයක දී ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තමන් වෙත ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා පවසයි.
 
එසේ ම විවිධ පාර්ශ්වයන්ගෙන් ද මෙම ඉසෙඩ් ලකුණු ක්‍රමය පිළිබඳ විවිධ අදහස් පල වූ බැවින් ඒවා ද සැලකිල්ලට ගනිමින් මෙලෙස ඉසෙඩ් ලකුණු ක්‍රමවේදය නැවත සලකා බැලීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
 
ඒ අනුව කිසිදු ශිෂ්‍යයෙකුට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගත යුතු නම් එය නොපමා ව සිදු කරන ලෙස  ජනාධිපතිවරයා තමන් වෙත උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Share/Save/Bookmark