Wed05222013

Last update10:12:35 PM GMT

sd sd

ප්‍රමිතියෙන් තොර ආනයනික ඖෂධ නිෂ්පාදනාගාර පිළිබඳ විමසුම්

  • පී.ඩී.එෆ් (PDF)
altප්‍රමිතියෙන් පහළ ඖෂධ හා එන්නත් මෙරටට ආනයනය වැළැක්වීම සඳහා ඖෂධ නිෂ්පාදිත රටවල අදාල නිෂ්පාදනාගාරයන් හි තත්ත්වය සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කරයි.
 
ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනාගාරවල තත්ත්වය සොයා බැලීමට මේ වනවිටත් විශේෂ කණ්ඩායමක් එහි යවා ඇතැයි ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මාධ්‍ය වෙත පැවසී ය.
 
ඖෂධ හා එන්නත් නිසි ප්‍රමිතියෙන් තොර නම් එවැනි සමාගම් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකරන බව හෙතෙම අවධාරණය කර සිටී.
Share/Save/Bookmark