Wed05222013

Last update09:15:57 PM GMT

sd sd

වෛද්‍යවරුන්ට දුන් දීමනා සෙසු සෞඛ්‍ය වෘත්තිකයන්ටත් ඕනෑ-වෘත්තීය සමිති

  • පී.ඩී.එෆ් (PDF)

altරජයේ වෛද්‍යවරුන්ට ලබා දුන් රාජකාරි බාධා,අනතුරු හා ප්‍රවාහන දීමනා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු සියලු වෘත්තිකයින්ට ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරති.

 
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුළ ඉල්ලීම් 05 ක් සම්බන්ධයෙන් රජයට බලපෑම් කෙරෙන බව 15 වැනි දා පැවත් වූ මාධ්‍ය හමුවක දී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.
 
ඉදිරි සතිය තුළ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් කටයුතු නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
 
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය බොහෝ දුරට අඛණ්ඩ වැඩවර්ජනයක්  විය හැකි බවට පරිපූරක වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු අඟවයි.   
Share/Save/Bookmark