
යුද්ධයෙන් මියගිය සහ ආබාධිත වූ පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සඳහා අඩක් නිම කළ නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා පොලී රහිත ණය ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.
එහි සමාරම්භය 15 වැනි දා පෙරවරුවේ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ අනුව ජාතික ආරක්ෂක අරමුදලින් මේ සඳහා රුපියල් ලක්ෂ 03 ක මුදලක් ලබා දීමට නියමිත අතර එහි පළමු අදියර වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් අයෝමා රාජපක්ෂ විසින් ලබාදෙන ලදී. ඉතිරි මුදල් නිවාස ඉදිකරන අතර තවත් වාරික දෙකකින් ලබා දෙනු ලැබේ. ණය මුදල් පියවීම සඳහා ඔවුන්ගේ වැටුපෙන් රුපියල් 2500 ක් මසකට අය කිරීමට නියමිතයි.
ණය මුදල් රණවිරුවන් 50 දෙනෙකුට ලබාදෙන අතර යුද හමුදාවේ 24 දෙනෙක්, නාවුක හමුදාවේ 10 දෙනෙක්, ගුවන් හමුදාවේ හය දෙනෙක් සහ පොලීසියේ දස දෙනෙකු අදාල ණය මුදල් ලබා ගන්නා ලදී.