වෙන්නප්පුව කොලින්ජාඩිය සුසේ මාවතේ දී ඉකුත් 03වැනි දා යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් එම යතුරුපැදිකරු මිය ගිය බව පොලීසිය සඳහන් කරයි.
රිය අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපස ගමන් ගත් පුද්ගලයා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 19ක් වූ චක‍්‍රවර්තිගේ මහේෂ් සංජු ප‍්‍රනාන්දු නමැති පේරගස්හන්දිය පාර,කොලින්ජාඩිය,වෙන්නප්පුව ලිපිනයේ පදිංචිකරුවෙකි.
| ← පුල්ලෙයාර් කෝවිල අසල සාහසික ඝාතනයක් | සැමියා පිහියෙන් ඇනීමෙන් බිරිය මරුට → |
|---|



