Thu05232013

Last update11:07:54 PM GMT

sd sd

පුද්ගලික බස්රියක ගැටී පාසල් සිසුවියක් මරුට

  • පී.ඩී.එෆ් (PDF)

altනාරම්මල-ගිරිඋල්ල ප‍්‍රධාන මාර්ගයේ නාරම්මල සිට ගිරිඋල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක පදික කාන්තාවක් සහ පාසැල් දැරියක් ගැටී 08 වැනි දා එම පාසල් දැරිය මියගොස් ඇතැයි වාර්තා වේ.

දෙදෙනා ම තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස පාසල් දැරිය මියගොස් ඇත.
කාන්තාව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති අතර මියගිය දැරිය වයස අවුරුදු 14 ක් වූ සුභසිංහ මුදියන්සේලාගේ වරුණි සුභසිංහ නමැති වලව්වත්ත වැලිකුඹුර නාරම්මල ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
පුද්ගලික බස් රථයේ රියදුරු අත් අඩංගුවට පත් ව ඇත.
 
Share/Save/Bookmark